ඇෆ්ඝනිස්තානයට දරුණු පරාජයක් – දින දෙකෙන් තරගය අවසන්

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කරමින් දින දෙකක් තුළ තරගය නිමා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(3) සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 17ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය පසු කර යාමට ඔවුන් සමත් වුණේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 131ක් රැස් කළා.

පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 250ක්.

නායක ශෝන් විලියම්ස් ලකුණු 105ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...