සචිත්‍රගෙන් පැය 8ක ප්‍රකාශයක්

Date:

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී වාර්තා වූ තරග පාවාදීමට සැලසුම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් පැය 8ක පමණ දීර්ඝ ප්‍රකාශයක් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ලබා ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු අද(3) පෙරවරුවේ දී ප්‍රකාශයක් ලබා දීම සදහා එම විමර්ශන ඒකකය වෙත පැමිණීමෙන් අනතුරුවයි.

අදාළ සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට සහාය නොදැක්වීම හේතුවෙන් සචිත්‍ර සේනානායක ඊයේ දිනයේ දී අධිකරණය හමුවට ද කැදවා තිබුණා.

කෙසේ වෙතත්, අධිකරණය හමුවට ඊයේ ඔහු පැමිණ නොසිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනී සිල්වා මහත්මිය ප්‍රතික්ෂේප කළා.

ඒ, අපේක්ෂිත ඇප අයදුම්පත අසම්පූර්ණ බව දන්වමින්.

එල්.පී.එල් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් මෙම සිද්ධිය පිළිබද මීට පෙර ප්‍රකාශ ලබා ගෙන තිබූ බව ද වාර්තා වුණා.

සචිත්‍ර සේනානායක විසින් මෙම ක්‍රීඩකයින් දෙදෙනා තරග පාවාදීමට පොළඹවා ගැනීම සදහා ඔවුන්ට දුරකතන ඇමතුම් ලබා දී තිබූ බවත්, පසුව ඒ සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා බළධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබූ බවත් සදහන්.

ඒ අනුවයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අයි.සී.සී දූෂන මර්දන ඒකකය මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...