චැනල් අයි විකාශන කටයුතුවලින් ඉවත් වෙයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සජීවීව විකාශය කිරීමට නියමිතව සිටි ජාතික රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව එම විකාශන කටයුතු අත්හැරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එලෙස ඔවුන් විකාශන කටයුතු අත්හැරීමට තීරණය කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, අදාළ තරග සංචාරය සජීවීව විකාශය කරන බව ජාතික රූපවාහිනිය විසින් අද දහවල් නිල වශයෙන් තහවුරු කර තිබුණා.

ඉන් පැය කිහිපයකට පසුවයි යළිත් ඔවුන් එම විකාශන කටයුතු අත්හැරීමට පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු 20යි 20 තරගය මෙරට වේලාවෙන් හෙට(4) අලුයම 3.30ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...