IPL වලට වඩා ලංකා ප්‍රිමියර් ලීගය ප්‍රතිපල දායකයි : ඩේල් ස්ටේන්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් සහ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම තුළින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට වඩා අගනා ප්‍රතිපල ලබා ගත හැකි බව දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් පවසනවා.

ඩේල් ස්ටේන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබූ නමුත්, ඔහු සෙසු ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වන විට ඩේල් ස්ටේන් පාකිස්තානයේ රැදී සිටින්නේ ද පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී ක්වෙට්වා ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහායි.

අයි.පී.එල් තරගාවලිය මූල්‍ය ක්ෂේත්‍රයට වැඩි අවධානයක් ලබා දීම තුළින් ක්‍රිකට් ක්‍රීඩාව අමතක වන තත්ත්වයකට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙන කරුණක්.

කෙසේ වෙතත්, ලංකා ප්‍රිමියර් ලීග් හෝ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියන්හි ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ඔහුගේ අදහසයි.

ඒ අනුව අනෙක් ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කිරීම තුළින් ක්‍රීඩකයෙකුට වඩා  ප්‍රතිපල ලබා ගත හැකි බවයි ඩේල් ස්ටේන් පෙන්වා දෙන්නේ.

අයි.පී.එල් තරගාවලියේ දීර්ඝ බව ද තමා එම තරගාවලියෙන් ඉවත් වීමට ගත් තවත් හේතුවක් බවත්, තමාට විවේකයක් ලබා ගැනීමේ අරමුණින් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කළ බවත් ඔහු කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...