තරගාවලියේ වීරයා වූ අශාන් ප්‍රියන්ජන්ට මෝටර් රථයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ සී.සී.සී. කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන්ට රුපියල් ලක්ෂ 20 ක් වටිනා මෝටර් රථයක් පිරිනමා තිබෙනවා.

ඊට අමතරව ඔහුට මුදලින් රුපියල් ලක්ෂයක් ද පිරිනැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට පත් වූ එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ළහිරු උදාරට මුදලින් රුපියල් ලක්ෂ 5ක් ද ලබා දුන්නා.

එමෙන්ම දක්ෂතම පන්දු යවන්නා වූ බී. ආර්. සී. කණ්ඩායමේ දුවිඳු තිලකරත්නට ද රුපියල් ලක්ෂ 5 ක මූල්‍ය ත්‍යාගයක් පිරි නැමීමටයි කටයුතු කෙරුණේ.

අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය සංකේතපත් ප්‍රදානයට සමගාමීව මෙම ත්‍යාග පිරිනැමීම සිදුකෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...