ක්‍රීඩකයෙකුට කොරෝනා වැළදීමෙන් පාකිස්තාන සුපර් ලීග් තරගයක් කල් යයි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(1) පැවැත්වීමට නියමිත වූ තරගාවලියේ 12 වන තරගය හෙට(2) දිනය දක්වා කල් දැමීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ, ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ෆාවඩ් අහ්මඩ්ට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි අද මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ.

පළමුව එම තරගයේ ආරම්භය පැය දෙකකින් පමණ ප්‍රමාද කිරීමට ද තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, අනතුරුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ තරගාවලියේ 12 වන තරගය හෙට දිනය දක්වා කල් දමන බවයි.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සෙසු සියලු ක්‍රීඩකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බවට ද අණාවරණය වී තිබෙනවා.

හෙට(2) දිනයේ දී සියලු කණ්ඩායම් PCR පරීක්ෂණයකට ලක් කිරීමට ද නියමිතව ඇති බව සදහන්.

මීට පෙර හෙට දිනය තරගාවලියේ විවේක දිනයක් ලෙසයි නම් කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...