කොදෙව් – ශ්‍රී ලංකා 20යි 20 තරගාවලියට තව දින 3 යි – තරග ඇරඹෙන වෙලාවන් මෙන්න

Date:

වසරකටත් වැඩි කාලයකට පසුව 20යි 20, එක්දින සහ ටෙස්ට් යන තරගාවලි 3 ක් ඇතුළත් පූර්ණ තරග සංචාරයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල කොදෙව් දූපත්හී රැඳී සිටිනවා.

කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන මෙම තරගාවලියට 20යි 20 තරග 3 ක්, එක්දින තරග 3 ක් හා ටෙස්ට් තරග 2 ක් ඇතුළත්.

20යි 20 තරගාවලියෙන් ඇරඹෙන මෙම තරග සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නව 20යි 20 නායකයකු ලෙස දසුන් ශානක නම් කර තිබුණද වීසා ලබා ගැනිමේදී ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඔහුට 20යි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව මේ වන විට අහිමි වී තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම තරගාවලියේදී 20යි 20 කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට පැවරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේ.

20යි 20 තරගාවලියේ ප්‍රථම තරගය ඇන්ටිගුවා හී Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් එළඹෙන 4 වනදා අලුයම 3.30 ට ආරම්භ වීමට නියමිතයි.

දෙවන සහ තෙවන තරග ද එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන 6 වනදා (සෙනසුරාදා) සහ 8 (සදුදා) වනදා යි.

එම තරග දෙකද මෙරට වේලාවෙන් අලුයම 3.30ට ආරම්භ වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...