නවසීලන්ත – ඔස්ට්‍රේලියා සියලු 20යි 20 තරග වෙලින්ටන් නුවරට

Date:

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ඉතිරි 20යි 20 තරග සියල්ලම වෙලින්ටන් හී දී ම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, නවසීලන්තයේ පවතින කොරෝනා වසංගතයේ නවතම තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව සියලු තරග ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමට ද සිදුව තිබෙනවා.

මීට පෙර දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ 5 වන 20යි 20 තරගය Tauranga හී දී පැවැත්වීමට නියමිතව තිබුණා.

සිව්වන තරගය ද ඔක්ලන්ඩ් නුවර දී පැවැත්විමට නියමිතව තිබූ නමුත්, එම තරගය ද වෙලින්ටන්හී දී පැවැත්වීමටයි පසුගියදා තීරණය කෙරුණේ.

ඒ, ඔක්ලන්ඩ් නුවර සතියක කාලයක් සදහා හුදෙකලා කිරීමට එරට රජය තීරණය කිරීම හේතුවෙන්.

මේ අතර, නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලියේ සියලු තරග ද වෙලින්ටන් හී දී ම පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...