LPL තරග පාවාදීමට තැත් කළ සිද්ධියකට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අධිකරණයට කැදවයි

Date:

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී වාර්තා වූ තරග පාවාදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෙට (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කැදවා තිබෙනවා.

ඒ, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය කළ පැමිණිල්ලකට අනුවයි.

අදාළ සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට සහාය නොදැක්වීම හේතුවෙන් මෙම ක්‍රීඩකයා මෙලෙස අධිකරණය හමුවට කැදවීමට කටයුතු කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.

එල්.පී.එල් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් මෙම සිද්ධිය පිළිබද මේ වන විටත් ප්‍රකාශ ලබා ගෙන ඇති බව ද එම පුවත්පත වාර්තා කළා.

හෙට අධිකරණය හමුවට කැදවා ඇති ක්‍රීඩකයා විසින් අදාළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනාට ඩුබායි නුවර සිට දුරකතන ඇමතුම් ලබා ගෙන තිබූ බවත්, පසුව ඒ සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා බළධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබූ බවත් සදහන්.

ඒ අනුවයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සහ අයි.සී.සී දූෂන මර්දන ඒකකය මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...