ඩේවිඩ් වීසාගේ පන්දු 9 ක වේගවත් ඉනිම ලාහෝර් කණ්ඩායමට නොසිතු ජයක් ගෙන එයි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කරච්චි කිංග්ස් කණ්ඩායම සහ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම අතර පැවති මෙවර තරගාවලියේ 11 වන තරගයෙන් සුපිරි හඹා යාමක් වාර්තා කරමින් කඩුලු 6ක ජයක් සනිටුහන් කිරීමට සොහයිල් අක්තාර්ගේ නායකත්වයෙන් යුත් ලාහෝර් කණ්ඩායම සමත්වුණා.

කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ලාහෝර් ක්ලෑන්ඩර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට කරච්චි කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 186 ක්.

අනර්ඝ ඉනිමක් දියත්කළ සජීල් කාන් හයේ පහරවල් 6 ක් සහ හතරේ පහරවල් 5 ක් සමගින් ලකුණු 64 (39) ක් ලබා ගත්තා.

මොහොමඩ් නබී පන්දු 35 කදී ලකුණු 57 යි.

ඩැනියෙල් ක්‍රිස්ටියන් පන්දු 14 කදී ලකුණු 27 ක් ලබා ගත් අතර, සුපිරි පිතිකරු බබාර් අසාම් ලකුණු 5 ක් ලබාසිටියදී දැවීගියා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශහීන් ශාහ් අෆ්රිඩී පන්දුවාර 4 තුළ ලකුණු 27 ක් පමණක් ලබාදී බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 3 ක්.

හැරිස් රවුෆ්, අහමඩ් දනියල්, ඩේවීඩ් වීසා (David Wiese) හා සමිත් පටෙල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායමේ මුල් කඩුලු දෙක කිසිදු ලකුණක් නොදීම දවාගැනීමට කරච්චි පන්දු යවන්නන් සමත් වීම කැපී පෙණුනා.

මුළු ලකුණු පුවරුව 33 ක්ව තිබියදී සුපිරි පිතිකරු මොහොමඩ් හෆීස් ලකුණු 15 කට යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට වකාස් මක්සූඩ් සමත්වුණා.

අනතුරුව පිටියේ එකතු වූ ෆකාර් සමාන් සහ බෙන් ඩන්ක් හතරවන කඩුල්ලට ලකුණු 119 ක විශිෂ්ඨ සබදතාවක් ගොඩනැගීමට සමත්වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු සිය කණ්ඩායම වෙත ලබා දෙමින්.

අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ ෆකාර් සමාන් ලකුණු 83(54) ක් ලබා සිටියදී දැවී ගිය අතර, බෙන් ඩන්ක් පන්දු 43 කදී නොදැවී ලකුණු 57ක් රැස්කළා.

ෆකාර් සමාන් දැවී යන අවස්ථාව වන විට ලාහෝර් කණ්ඩායමට තරග ජය ගැනීම සදහා ලබා ගත යුතු වූ ලකුණු සංඛ්‍යාව පන්දු 16කින් ලකුණු 35ක්.

ජයග්‍රහණය සදහා අවසන් පන්දු 8 තුළ ලකුණු 17 ක් ලබාගැනීමට අවශ්‍යව තිබියදී ක්‍රියාත්මක වූ ඩේවීඩ් වීසා දැවැන්ත හයේ පහරවල් තුනක් වාර්තා කරමින් ලාහෝර් කණ්ඩායමට අනපේක්ෂිත ජයග්‍රහණයක් ගෙන ඒමට සමත් වුණා.

ඩේවිඩ් වීසේ පන්දු 9 කදි නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 31 ක්.

ඔහුගේ එම වේගවත් කෙටි ඉනිමට හයේ පහරවල් 3 ක් සහ හතරේ පහරවල් 3 ක් ඇතුලත්වී තිබුණා.

ඒ අනුව ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම පන්දුවාර 19.2 තුළ කඩුලු 4 ක් පමණක් බිඳ වැටී ලකුණු 189 ක් වාර්තා කරමින් ජයග්‍රහණය සනිටුහන් කළා.

පන්දුයැවීමේදී කරච්චි කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර්, වකාස් මක්සූඩ් සහා ඩැනියල් ක්‍රිස්ටියන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලනු ලැබුවා.

තරගයේ වීරයා ශහීන් ශාහ් අෆ්රිඩි.

මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාම මහතායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...