20යි 20 නායකත්වය මැතිව්ස්ට හිමිවන ලකුණු

Date:

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට හිමිවනු ඇති බව වාර්තා වනවා.

ඒ, අදාළ තරග සංචාරයේ දී 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස නම් කර සිටි දසුන් ශානකට වීසා ගැටලුවක් හේතුවෙන් කොදෙව් දේශය බලා පිටත්ව යාමට තවමත් නොහැකි වී ඇති බැවින්. ALSO READ : දසුන්ගේ ගමන් බලපත්‍රය නැති වෙයි – කොදෙව් සංචාරයට පිටව යාමටත් නොහැකි වෙයි

දසුන් ශානක එරටට ළගා වීමෙන් පසුව දින 3ක කාලයක් නිරෝධායනයට ද ලක් විය යුතුයි.

ඒ හේතුවෙන් ඔහුට 20යි 20 තරගාවලියම අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 3 වනදා ඇන්ටිගුවාහී දී පැවැත්වීමට නියමිතයි.

ALSO READ : “විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වුණේ වසර දෙකකට පෙරයි” : දසුන් ශානක

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...