20යි 20 ලෝක කුසලානයේ අර්බුදය විසදා ගන්න අයි.සී.සීයෙන් ඉන්දියාවට සහන කාලයක්

Date:

අයි.සී.සී තරගාවලි සදහා අවශ්‍ය බදු නිදහස් කිරීම් පිළිබදව පවතින ගැටලුව සම්බන්ධයෙන් අද(10) ජගත් ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා අවශ්‍ය බදු නිදහස් කර ගැනීම් සම්බන්ධයෙන් අයි.සී.සීය වෙත විසදුමක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබා දී තිබූ කාලය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමටයි මෙහිදී එකගතාවයකට එළඹ ඇත්තේ.

මීට පෙර මාධ්‍ය වාර්තා පලව තිබුණේ 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට අහිමි කරන බවට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අනතුරු ඇගවීමක් සිදු කර ඇති බවටයි.

ඒ, බදු සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව විසදා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩාලයට නොහැකි වීම හේතුවෙන්.

තරගාවලිය සදහා ඉන්දීය රජයෙන් බදු නිදහස් කර ගැනීමට එරට ක්‍රිකට් බළධාරීන්ට මෙතෙක් හැකි වී නොමැති අතර, මේ සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක කාලය තුළ අයි.සී.සීය සහ ඉන්දීය ක්‍රිකට් ආයතනය අතර ඊ මේල් පණිවිඩ ඔස්සේ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබූ බව සදහන්.

පසුගිය 18 වනදා වන විට මෙම ගැටලුව සදහා කොන්දේසි විරහිත තහවුරු කිරීමක් ලබා දිය යුතු බවට ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත ජගත් ක්‍රිකට් කවුන්සලය දැනුම් දී තිබුණා.

නමුත් කොරෝනා වසංගත අර්බුදය හේතුවෙන් එම දිනය අවම වශයෙන් ජූනි 30 වනදා දක්වා දීර්ඝ කරන ලෙසටයි ඉන්දීය ක්‍රිකට් ආයතනය අයි.සී.සීයෙන් ඉල්ලා තිබුණේ.

නමුත් එලෙස කාලය දීර්ඝ කිරීමක් ලබා දීම ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රතික්ෂේප කර තිබූ බවටයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය මීට පෙර වාර්තා කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...