රෂීඩ්ට පළමු ටෙස්ට් තරගය අහිමි වීමේ අවධානමක්

Date:

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අතරතුර දී ඔහු මුහුණ දුන් ආබායක් හේතුවෙන්.

එහිදී ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කරන රෂීඩ් ඛාන් මෙලෙස ඇගිල්ලක ආබාධයකට ලක්ව ඇත්තේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි.

එළඹෙන 28 වනදා ඔහුගේ ආබාධයෙහි තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව රෂීඩ් ඛාන්ට පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හැකි ද යන්න තීරණය කරන බව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

සිම්බාබ්වේ කණ්ඩායම සහ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 2 වනදා අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතයි.

Afghanistan Squad:

Asghar Afghan (c), Ibrahim Zadran, Javed Ahmadi, Rahmat Shah, Hashmatullah Shahidi, Afsar Zazai, Nasir Jamal, Abdul Malik, Munir Ahmad Kakar, Shahidullah Kamal, Bahir Shah Mohboob, Rashid Khan, Amir Hamza, Fazal Haq Farooqi, Sayed Ahmad Shirzad, Saleem Safi, Wafadar Momand, Zia Ur Rahman Akbar, Yamin Ahmadzai

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...