සීතල ඇති විට දහඩිය නැහැ – පන්දුව පිරිමදින්නේ මොකෙන්ද? – සචින් ප්‍රශ්න කරයි

Date:

සීතල කාලගුණයක් සහිත රටවල ක්‍රීඩා කරන විට දහඩිය නොදමන බැවින් පන්දුව පිරිමැදීම සදහා ක්‍රීඩකයින් කුමක් කළ යුතු දැයි හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් ප්‍රශ්න කර සිටිනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පන්දුව පිරිමැදීම සදහා මිනිස් කේඨය (කෙළ) යොදා ගැනීම තහනම් කිරීමට අයි.සී.සීය ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක බ්‍රේට් ලී සමග සිදු කළ සංවාදයකදීයි.

“එංගලන්ත සහ නවසීලන්තය වැනි සීතල රටවල ක්‍රීඩා කරනකොට මොකද වෙන්නේ?. දහඩිය දමන්නේ නැති විට කරන්නේ කුමක්ද? ”

යනුවෙන් ටෙන්ඩුල්කාර් සදහන් කළා.

වේග පන්දු යවන්නන්ට සහය වීමක් වශයෙන් ටෙස්ට් තරගවලදී දෙවැනි නව පන්දුව සෑම පන්දුවාර 50කදී හෝ 55කදී ලබා දීමට පියවර ගැනීම සුදුසු බව ද ඔහු මෙහිදී කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...