උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ඔහු මේ බව නිවේදනය කළා.

2005 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු සිය වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 31කට, එක්දින තරග 235කට සහ 20යි 20 තරග 26කට ක්‍රීඩා කළා.

එහිදී ටෙස්ට් ලකුණු 1,754ක්, එක්දින ලකුණු 6,951 ක් සහ 20යි 20 ලකුණු 407ක් රැස් කිරීමට ඔහු සමත් වුණා.

ඊට ටෙස්ට් ශතක 3ක් සහ එක්දින ශතක 15ක් ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති උපුල් තරංග 2007 සහ 2011 ලෝක කුසලාන තරගාවලියන්හීදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ද කණ්ඩායමට සිවිශේෂී සේවයක් ඉටු කරනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...