කොරෝනා නිසා ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

Date:

වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු කිරීමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතිනවා.

ඒ අනුව විශ්ව ප්‍රනාන්දු හෝ සුරංග ලක්මාල් සංචිතයට එක් වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී යි ළහිරු කුමාරට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණේ.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය තරග සංචාරයට බාධාවක් නොවනු ඇති බව ද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටියා.

කොදෙව් සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණේ ද නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...