කොන්වේගේ 99 සහ සෝදිගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ නවසීලන්තයට පහසු ජයක්

Date:

ඩෙවෝන් කොන්වේගේ විශිෂ්ඨ ඉනිමෙන් සහ ඉෂ් සෝදිගේ අගනා පන්දු යැවීමෙන් ශක්තිමත් වෙමින් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග අද(22) ආරම්භ වූ තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 53ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ක්‍රයිස්චර්ච්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 184ක් රැස් කළේ ඩෙවෝන් කොන්වේ රැස් කළ විශිෂ්ඨ ලකුණු 99න් සවිමත් වෙමින්.

පන්දු 59කින් නොදැවී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.

ඔහුට සිය ශතකය වාර්තා කිරීම සදහා අවසන් පන්දුවට ලකුණු 2ක් ලබා ගැනීමට අවශ්‍යව තිබූ නමුත් කේන් රිචර්ඩ්සන් යොමු කළ එම පන්දුවට ඔහුට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

ඉනිම ආරම්භ කළ මාර්ටින් ගප්ටිල් ලකුණු නොලබා දැවී ගිය අතර, ටිම් සෙයිෆර්ට් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

ග්ලේන් පිලිප්ස් ලකුණු 30ක් සහ ජේම්ස් නීෂම් ලකුණු 26ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවිමේ දී ජයි රිචර්ඩ්සන් සහ ඩැනියල් සෑම්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

නායක ආරෝන් ෆින්ච් එක් ලකුණටත්, ජොෂ් පිලිපී ලකුණු දෙකකටත්, මැතිව් වේඩ් ලකුණු 12කටත් දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මිචෙල් මාෂ් ලකුණු 45යි.

පන්දු යැවීමේ දී ඉෂ් සෝදි ලකුණු 28කට කඩුලු 4ක් බිද හෙලුවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 17.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...