සුවිසල් මුදලකට RCB කණ්ඩායම මිලදී ගත් ක්‍රීඩකයන් තිදෙනෙකුම අසාර්ථක වෙයි

Date:

දින 4 කට පෙර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයන් තෝරාගැනීම වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේදි ඉතාමත් ඉහළ මුදල් ප්‍රමාණයක් වැයකරමින් රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත් සහ ඔවුන් විසින් කණ්ඩායමේ රඳවා ගත් විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම අද නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරගයේදී දක්ෂතා අතරට පැමිණිමට අසමත් වුණා.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය ජාලය තුළ උපහාසාත්මකව අදහස් දක්වා ඇති අයුරු මේ වන විට දැකගන්නට ලැබෙනවා.

ක්‍රයිස්චර්ච්හී පැවතී මෙම තරගයෙන් ලකුණු 53 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වු බව අප මීට පෙර වාර්තා කළා.

මෙවර IPL වෙන්දේසියේදී ඉන්දිය රුපියල් කෝටී 14.25 කට බැංගලෝර් කණ්ඩායම මිලදී ගත් සුපිරි පිතිකරු ග්ලේන් මැක්ස්වෙල්ට අද තරගයේ ලබා ගැනීමට හැකියාව ලැබුණේ එක් ලකුණක් පමණයි.

ටිම් සව්තිගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියා.

එමෙන්ම බැංගලෝර් කණ්ඩායම බලාපොරොත්තු සහගතව මිලදී ගත් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කයිල් ජමීසන් හටද සාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට මෙම තරගයේ දී හැකියාවක් ලැබුණේ නැහැ.

ඔහු ක්‍රියාත්මක පන්දුවාර 3 ට ලකුණු 32 ක් ප්‍රතිවාදීන් රැස් කළ අතර, බිද හෙලනු ලැබුවේ එක් කඩුල්ලක් පමණයි.

නවසීලන්ත කණ්ඩායමේ වැඩිම ප්‍රහාරයකට ලක්වු පන්දු යවන්නා බවට පත්වුණේ ඔහුයි.

ජමීසන් මෙවර ඉන්දිය රුපියල් කෝටී 15 ක ලංසුවක් හිමි වු ක්‍රීඩකයෙක්.

එමෙන්ම කෝටි 4ක මුදලකට බැංගලෝර් කණ්ඩායමේ රැදී සිටින කේන් රිචර්ඩ්සන්ට ද පන්දු යැවීමේදී සාර්ථක වීමට මෙම තරගයේ දී අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඔහු යොමුකළ පන්දුවාර 4 ට ලකුණු 42 ක් ප්‍රතිවාදීන් ලබා ගත්තේ එක් කඩුල්ලක්වත් ඔහුට ලබා නොදෙමින්.

ආර්.සී.බී කණ්ඩායම විසින් සිය සංචිතයේ රඳවා තබාගත් ජොෂ් පිලිපී හටද සාර්ථක පිතිහරඹයක් දියත් කිරීමට නවසීලන්ත පන්දුයවන්නන් අවස්ථාව ලබාදුන්නේ නැහැ.

ඔහු ලකුණු 2ක් ලබා සිටියදී දැවී ගියා.

කෙසේවෙතත්, මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දිය රුපියල් කෝටි 14 ක සුවිසල් මුදලක් වැයකරමින් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදීගත් වේග පන්දු යවන ක්‍රීඩක ජයි රිචර්ඩ්සන් අනර්ඝ පන්දු යැවීමක නිරතවනු දක්නට ලැබුණා.

ඔහු පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කරමින් කඩුලු 2 ක් බිඳ හෙලුවේ ලකුණු 31 ක් පමණක් ලබාදෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...