කලැන්ඩර්ස් සහ යුනයිටඩ් කණ්ඩායම්වලට ජය

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ(21) කරච්චිහී දී පැවැත්වුණා.

එම තරගවලින් ජය වාර්තා කළේ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සහ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමයි.

ඔවුන් හමුවේ පෙෂාවර් සල්මි සහ මුල්ටාන් සුල්ටාන් යන කණ්ඩායම් පිළිවෙලින් පරාජයට පත් වුණා.

ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සහ පෙෂාවර් සල්මි කණ්ඩායම අතර තරගය මෙවර තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් පැවැති අතර, එම තරගය ලාහෝර් කළණ්ඩායම ජය ගත්තේ කඩුලු 4කින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පෙෂාවර් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තා.

රවී බොපාරා ලකුණු 50ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ඉනිම ක්‍රීඩා කළ ලාහෝර් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 9ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 33ක් සහ රෂීඩ් ඛාන් නොදැවී ලකුණු 27ක් රැස් කළා.

රෂීඩ් ඛාන් තරගයේ ජයග්‍රාහී ලකුණ හයේ පහරකින් වාර්තා කළ අතර, එම හයේ පහර දණහිස නමා එල්ල කළ හෙලිකොප්ටර් පහරකට සමාන වීම හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට එය සමත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.(දර්ශන පහතින්)

මේ අතර තරගාවලියේ තෙවැනි තරගයෙන් මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් කිරීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුල්ටාන් කණ්ඩායම නායක මොහොමඩ් රිස්වාන්ගේ ලකුණු 71න් සවිමත් වෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 150ක් ලබා ගත්තා.

ශහිඩ් අෆ්රිඩි පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, පන්දු යැවීමේ දී මොහොමඩ් වසීම් ලකුණු 29කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉස්ලාමාබාද් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 151ක් ලබා ගනිමින් තරගයේ ජය තමන් සතු කර ගත්තා.

අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි ලුවිස් ග්‍රෙගරි නොදැවී ලකුණු 49ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ශහිඩ් අෆ්රිඩි සහ කාර්ලස් බ්‍රැත්වෙයිට් කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...