රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ තීරණ ගැනීමේ බලය සංගාට පවරයි

Date:

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් එම ධූරයෙන් ඉවත් කිරීමට කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

පළමු අයි.පී.එල් තරගාවලියේ ශූරතාවය දිනා ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත් කර ඇති පසුබිමකයි එම කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රතිව්‍යුහගත කරන ලද පුහුණු කාර්ය මණ්ඩල ව්‍යුහයේ තීරණ ගැනීම සිදු වන්නේ කුමාර් සංගකකාර යටතේ බව එම කණ්ඩායම නිවේදනය කළා.

ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් පසුගිය තරගවාරයේ දී පමණක් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත්, 2019 වසරේ දී ඔහු රාජස්ථාන් කණ්ඩායම සමග ගිවිසුම් ගත වුණේ වසර 3ක කාලයක් සදහායි.

මීට අමතරව රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන සහාය පුහුණුකරු ලෙස (Lead Assistant Coach) ට්‍රෙවර් පෙනී (Trevor Penny) පත් කිරීමට ද පියවර ගත් බව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද තහවුරු කළා.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සදහා ප්‍රධාන පුහුණුකරුවෙකු පත් නොකිරීමට තීරණය කර ඇති බවත්, ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර යටතේ පුහුණු කාර්ය මණ්ඩලයේ කටයුතු සිදු වනු ඇති බවත් සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...