වෙනස්කම් රැසක් සමගින් කොදෙව් සංචාරයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Date:

එළඹෙන බටහිර ඉන්දීය කොදවේ තරග සංචාරයේ සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇති බව වාර්තා වනවා.

පසුගියදා තේරීම් කමිටු සභාපතිධූරයෙන් අසන්ත ද මෙල් මහතා ඉල්ලා අස් වුව ද, එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් දෙදෙනා වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරු දෙදෙනා විසින් මෙම තේරීම් සිදුකර ඇති බව සදහන්.

ඒ, නව තේරීම් කමිටුවක් පත් කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බැවින්.

කොදෙව් තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 23 වනදා දිවයිනෙන් පිටත්ව යන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ සදහා තවත් දින දෙකක් පමණක් පැවතිය ද මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ තරග සංචාරය සදහා වන සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

වාර්තා වන ආකාරයට වෙනස්කම් රැසක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග සංචාරයට එක් වනු ඇති.

අප ඊයේ වාර්තා කළ ආකාරයට ආබාධ හේතුවෙන් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම කොදෙව් තරග සංචාරයට එක් නොවන බව සදහන්.

වාර්තා වන ආකාරයට 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙසේයි –

දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ඕෂද ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, දසුන් ශානක, තිසර පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුෂංක, ලක්ෂාන් සදකැන්, අකිල ධනංජය

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...