පළමු ජය කරච්චි කිංග්ස් කණ්ඩායමට

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර ඊයේ(20) කරච්චි හීදී ආරම්භ වුණා.

තරගාවලියේ පළමු තරගය පසුගියවර ශූරතාවය දිනා ගත් කරච්චි කිංග්ස් කණ්ඩායම සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි පැවැත්වුණේ.

එම තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට කරච්චි කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 18.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 121ක් රැස් කළා.

ක්‍රිස් ගේල් පන්දු 24කින් හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 39ක් රැස් කළා.

අර්ෂාද් ඉක්බාල් කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 16ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කරච්චි කණ්ඩායම පන්දුවාර 13.5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජෝ ක්ලාක් ලකුණු 46ක් රැස් කළ අතර, මොහොමඩ් නබී නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහොමඩ් හස්නයින්ලකුණු 18කට කඩුලු 2ක් බිද හෙලුවා.

තරගාවලියේ දෙවැනි සහ තෙවැනි තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව දිනයේ පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සහ පෙෂාවර් සල්මි කණ්ඩායම අතර පැවැත්වෙනු ඇති.

දිනයේ දෙවැනි තරගය රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම අතරයි.

තරග දෙකම කරච්චි හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...