බංග්ලාදේශයේ ශ්‍රී ලංකා සංචාරය තහවුරුයි – සියලු තරග එක් ක්‍රීඩාංගනයක

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය (තරග 2කින් යුත්) අප්‍රේල් මාසයේ දී සිදු කරන බව එරට ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.

ඒ, දෙරටේ ක්‍රිකට් ආයතන අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුවයි.

තරගාවලිය එක් ක්‍රීඩාංගනයකදී පමණක් පැවැත්වීමට තීරණය කර ඇති නමුත්, එම ක්‍රීඩාංගනය සහ තරගාවලිය පවත්වන දින සම්බන්ධයෙන් මෙතෙක් අණාවරණය කර නැහැ.

කෙසේ වෙතත්, බංග්ලාදේශ කණ්ඩායම අප්‍රේල් 12 – 15 අතර දිනකදී ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන බැවින් ශකිබ් අල් හසාන් සහ මුස්ටෆිසුර් රෙහ්මාන්ගේ සේවය බංග්ලාදේශයට අහිමි වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාට අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා එරට ක්‍රිකට් ආයතනය අවසර ලබා දී ඇති බව සදහන්.

නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දී ක්‍රියාත්මක කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම තරගාවලියේ දී ද ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පසුගිය වසරේ ජූලි මාසයේ දී තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට පළමුව නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් පසුව එය කල් දැමුණා.

අනතුරුව ඔක්තෝබර් මාසයේ දී තරගාවලිය පැවැත්වීමට තීරණය කෙරුණු ද නිරෝධායන නීති සම්බන්ධයෙන් ඇති වූ ගැටලු මත තරගාවලිය යලි කල් දැමීමටයි තීරණය කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...