සනත් ජයසූරිය යළි ඉන්දියාවේ දී ක්‍රිකට් පිටියට

Date:

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මෙවර ඉන්දියාවේ පැවැත්වෙන “Road Safty World Series T20” තරගාවලියේ දී Sri Lanka Legends කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු නායක තිලරත්න ඩිල්ෂාන් සමගින් ඉනිම ආරම්භ කරනු ඇති.

කෙසේ වෙතත්, පසුගිය තරගාවලියට ක්‍රීඩා කළ මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කලුවිතාරණ, චමින්ද වාස්, උපුල් චන්දන හා මාවන් අතපත්තු යන හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන බව සදහන්.

නමුත්, රසල් ආර්නල්ඩ්, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර වැනි හිටපු ක්‍රීඩකයින් ද මෙවර තරගාවලියට ක්‍රීඩා කරන බවටයි වාර්තා වුණේ.

මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4ක් පමණක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට සිදු වූයේ කොරෝනා වසංගතය හේතුවෙන්.

ඒ අනුව එම අදියරේ ඉතිරි තරග ලබන මාර්තු 2 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...