කොදෙව් 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ කැපීපෙනන වෙනසක්

Date:

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ගේ කැපී පෙනෙන වෙනසක් සිදු වනු ඇති බව වාර්තා වනවා.

ඒ අනුව නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී පිත්තෙන් සුවිශේෂී දක්ෂතා දැක් වූ ධනුෂ්ක ගුණතිලක සහ ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඉනිම ආරම්භ කරනු ඇති බව සදහන්.

දිමුත් කරුණාරත්න මෙතෙක් කිසිදු ජාත්‍යන්තර 20යි 20 තරගයක් සදහා ක්‍රීඩා කර නැහැ.

කෙසේ වෙතත්,  මුල්පෙල පිතිකරුවන් කිහිපදෙනෙකුම මෙම තරග සංචාරයට එක් නොවන බැවින් අදාළ තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

මුල් පෙල පිතිකරුවන් වන කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් මෙම තරග සංචාරයට එක් නොවන බවත්, වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ද සංචිතයට නම් කර නොමැති බවත් සදහන්.

ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...