කිලෝ මීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ දී චමින්ද වාස්ගෙන් සුපිරි දක්ෂතාවයක්

Date:

ශ්‍රී ලංකා නවක ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා පවසනවා.

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ සාර්ථක වීමට නම් ශාරීරික යෝග්‍යතාවය ඉහළ මටටමක පවත්වා ගැනීම තීරණාත්මක සාධකයක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වේගවත් සහ තරගකාරී වීම නිසා සෑම නවක ක්‍රීඩකයෙක්ම සිය ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කර ගත යුතුයි” යනුවෙන් චමින්ද වාස් සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් සදහන් කළා.

මේ වන විට 47 හැවිරිදි වියේ පසුවුව ද චමින්ද වාස්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉතා ඉහළ මට්ටමක පවතින බව සනාථ වූයේ ක්‍රීඩකයින් සදහා හදුන්වා දුන් කිලෝ මීටර් දෙකක දුර ප්‍රමාණයක් මිනිත්තු 8යි තත්ත්පර 35ක කාලයකින් දිව යාමේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ඔහු විසින් මිනිත්තු 7යි තත්ත්පර 30කටත් අඩු කාලයකින් සම්පූර්ණ කිරීමත් සමගයි.

වේග පන්දු පුහුණුකරු තනතුරේ මෙතෙක් කටයුතු කරන ලද ඩේවිඩ් සේකර් එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව වෙනුවෙනුයි චමින්ද වාස් එම තනතුරට පත්කෙරුණේ.

ඒ, එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහායි.

මෙම තනතුරට පත්වීමට පෙර චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

වමතින් වේග පන්දු යැවූ චමින්ද වාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 111 කදී කඩුලු 355 ක්ද, එක්දින තරග 322 කදී කඩුලු 400 ක් ද බිඳ හෙළීමට සමත්වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...