චන්දිමාල්, මැතිව්ස් ශතක වාර්තා කරද්දී වනිඳුගෙන් තුන් ඉරියව් දක්ෂතා – සම්පුර්ණ විස්තරය මෙන්න

Date:

එලඹෙන 23 වනදායින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය අරමුණු කර ගනිමින් පුහුණු එක්දින ක්‍රිකට් තරගයක් අද(19) පැවැත්වුණා.

දසුන් ශානක නායකත්වය දරන කණ්ඩායමක් සහ දිමුත් කරුණාරත්න නායකත්වය දරන කණ්ඩායමක් අතරයි මෙම පුහුණු එක්දින ක්‍රිකට් තරගය පැවැත්වුණේ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දසුන් ශානකගේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 321 ක් ලබා ගත්තා.

අනර්ඝ ඉනිමක් දියත් කළ දිනේෂ් චන්දිමාල් ශතකයක් වාර්තා කරමින් පන්දු 123 කදී නොදැවී ලකුණු 149 ක් රැස් කළා.

ඔහුගේ එම ඉනිමට හයේ පහරවල් 5 ක් සහ හතරේ පහරවල් 14 ක් ඇතුලත්.

දසුන් ශානක පන්දු 58 කදී ලකුණු 51 ක් ලබා ගත්තා.

ඉනිමට අනර්ඝ අවසානයක් ලබා දුන් වනිඳු හසරංග පන්දු 56 කදී වේගවත් ලකුණු 80 ක් රැස්කළා.

එම ඉනිම හයේ පහරවල් 2 කින් සහ හතරේ පහරවල් 7 කින් වර්ණවත් වුණා.

පන්දු යැවීමේදී රමේශ් මෙන්ඩිස් සහ ළහිරු කුමාර කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ලකුණු 322 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දිමුත් කරුණාරත්නගේ කණ්ඩායමට අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් එම ලකුණු සංඛ්‍යාව හඹා යාමට හැකි වූයේ නැහැ.

ඔවුන්ට පන්දුවාර 45 ක් තුළ කඩුලු 8 ක් දැවී ලබා හැකි වූයේ ලකුණු 258 ක් පමණයි.

ඒ අනුව තරගය ජය පැරදුමකින් තොරව අවසන් කෙරුණා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 121 නොදැවී රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ එම ඉනිමට හයේ පහරවල් 4 ක් සහ හතරේ පහරවල් 11 ක් ඇතුලත් වුණා.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 57 ක් රැස් කළ අතර, තිසර පෙරේරා ලකුණු 33 ක් ලබාගත්තා.

නුවන් ප්‍රදීප් කඩුලු 3 ක් බිඳ හෙලූ අතර, වනිඳු හසරංග කඩුලු 2 ක් දවා ගත්තා.

ලබන 3 වනදා ආරම්භ වීමට නියමිත කොදෙව් තරග සංචාරයට විස්සයි විස්ස තරග 3 ක් එක්දින තරග 3 ක් සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...