ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් පස් දෙනා – එකතුව කෝටි 70ක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(18) පස්වරුවේ චෙන්නායිහී දී පැවැත්වුණා.

උපරිම වශයෙන් ක්‍රීඩකයින් 61 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් මෙම වෙන්දේසිය අද දිනයේ දී පැවැති අතර, වෙන්දේසිය අවසන් වන විට සියලු කණ්ඩායම් විසින් තම කණ්ඩායමට තෝරා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණය මිලදී ගෙන තිබුණා.

වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වූයේ පසුගිය වසරේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්.

ඔහුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 16.25ක මුදලකටයි මිලදී ගනු ලැබුවේ.

එය අයි.පී.එල් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල වන අතර, මීට පෙර වැඩිම මිලකට ක්‍රීඩකයෙකු අලෙවි වී තිබුණේ 2015 වසරේ දී යි.(දිල්ලි කණ්ඩායම විසින් යුවරාජ් සිං ඉන්දීය රුපියල් කෝටි 16කට මිලදී ගෙන තිබුණා.)

අද පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී නවසීලන්තයේ ක්යිල් ජමිසන් ඉන්දීය රුපියල් කෝටි 15ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගැනීම ද විශේෂත්වයක්.

ඊට අමතරව ඔවුන් විසින් ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් රුපියල් කෝටි 14.25 ක මුදලකට මිලදී ගනු ලැබුවා.

ක්‍රීඩක වෙන්දේසියේ දී සිව්වැනි ඉහළම මිලට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වූයේ ඔස්ට්‍රේලියාවේ ජයි රිචර්ඩ්සන්.

ඔහුව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් රුපියල් කෝටි 14ක මුදලකට මිලදී ගත්තා.

මෙවර වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වූ ඉන්දීය ක්‍රීඩකයා වන්නේ ක්‍රිෂ්නප්පා ගෞතම්.

32 හැවිරිදි ඔහුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් කෝටි 9.25ක මුදලකට මිලදී ගනු ලැබුවා.

මෙම ක්‍රීඩකයින් පස් දෙනා මිලදී ගැනීම සදහා පමණක් ඒ ඒ කණ්ඩායම් විසින් වියදම් කරනු ලැබූ මුදලෙහි එකතුව ඉන්දීය රුපියල් කෝටි 70කට ආසන්නයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...