IPL වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වුණ දේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියර වෙනුවෙන් අද(18) චෙන්නායිහි පැවැති ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට අවසන්ව තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මිලදී ගැනිමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.

එනම්, කුසල් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින්.

නමුත් ඔවුන් සියලු දෙනා අලෙවි වූයේ නැහැ.

මේ වන විට සියලු කණ්ඩායම් විසින් තමන්ට ලබා ගත හැකි විදෙස් ක්‍රීඩකයින් 8 දෙනා මිලදී ගෙන අවසන් බැවින් මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට අවස්ථාව හිමි නොවනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...