අයි.පී.එල් වෙන්දේසියේ දී ඉහළ අවධානයක් යොමු විය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයින් 5 දෙනා

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට(18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනෙකු ලියාපදිංචි වී සිටියද හෙට පැවැත්වෙන වෙන්දේසිය සදහා ඉදිරිපත්වීමට අවස්ථාව හිමිව ඇත්තේ ක්‍රීඩකයින් 9 දෙනෙකුට පමණයි.

ඒ අතර පසුගිය වසරේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදාන ද සිටිනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ අවධානයක් යොමු විය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් පසුගියදා විදෙස් වෙබ් අඩවියක් පුවතක් පල කර තිබුණා.

තුන් ඉරියව් ක්‍රීඩකයින් පස් දෙනෙකු සම්බන්යෙන් ඔවුන් මෙහිදී වාර්තා කර තිබුණා.

එනම්, ග්ලේන් මැක්ස්වෙල්, තිසර පෙරේරා, ක්‍රිස් මොරිස්, ක්යිල් ජමිසන් සහ ශකිබ් අල් හසාන් යන ක්‍රීඩකයින්.

විශේෂයෙන් නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තිසර පෙරේරාගේ නායකත්වයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ශූරතාවය ජය ගැනීමත්, ඔහු තුන් ඉරියව්වෙන් අදාළ තරගාවලියේ දී දැක් වූ දක්ෂතාත් හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියේ දී තිසර පෙරේරා සම්බන්ධයෙන් කණ්ඩායම් හිමිකරුවන් වැඩි අවධානයක් යොමු කිරීමට ඉඩ ඇති බවටයි අදාළ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

මීට පෙර තිසර පෙරේරා අයි.පී.එල් තරගාවලියන්හී දී කණ්ඩායම් කිහිපයක් සදහාම ක්‍රීඩා කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...