“ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ ක්‍රීඩක තේරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 18ක්

Date:

“ද හන්ඩ්‍රඩ්” හෙවත් එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දු සියයේ නවතම ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව (Draft) ලබන 22 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා විදෙස් ක්‍රීඩකයින් 252 දෙනෙකු සහ දේශිය ක්‍රීඩකයින් 254 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, ඉන් විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 35 දෙනෙකු පමණක් තෝරා ගැනීම වෙනුවෙන් ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව (Draft) සංවිධාන කර තිබෙනවා.

බබාර් අසාම්, ඩේවිඩ් වෝනර්, නිකලස් පූරාන්, කිරන් පොලාඩ් ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකු ඉහළම වටිනාමක් සහිත ක්‍රීඩකයින්ගේ කාණ්ඩය හෙවත් පවුම් (£) 100,000 කාණ්ඩයට අයත්.

ශකිබ් අල් හසාන්, ක්වෙන්ටන් ඩී කොක්, ලුකී ෆර්ගියුසන්, ජේසන් හෝල්ඩර්, ටමිම් ඉක්බාල් සහ කාගිසෝ රබාඩා ද එම කාණ්ඩයට ඇතුළත්ව සිටිනවා.

දෙවන ඉහළම වටිනාකමකින් යුත් ක්‍රීඩක කාණ්ඩයට ක්‍රීඩකයින් 8 දෙනෙකු අයත් වනවා.

පවුම් 80,000ක වටිනාමක් හිමි එම කාණ්ඩයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් වන්නේ ශහිඩ් අෆ්රිඩි, ෆෆ් ඩු ප්ලෙසිස්, මොයිසස් හෙන්රික්ස්, ශිම්රන් හෙට්මයර්, මිචෙල් මාෂ්, ජොෂ් පිලිපී, ජයි රිචර්ඩ්සන් සහ ඉම්රාන් තහීර්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 18 දෙනෙකු ද ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටිනවා.

ඒ අනුව පවුම් 40,000 කාණ්ඩයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත්.

ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ඉසුරු උදාන යන ක්‍රීඩකයින් එම කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර, පවුම් 32,000 කාණ්ඩයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත්.

එනම්, තික්ෂිල ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් දෙදෙනායි.

වටිනාමක් ප්‍රකාශයට පත් කර නොමැති කාණ්ඩය යටතට වනිදු හසරංග, අකිල ධනංජය, අවිශ්ක ප්‍රනාන්දු, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, දසුන් ශානක, ළහිරු තිරිමාන්න, තිලාන් වලල්ලාවිට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අයත් වනවා.

2020 වසරේ දී “ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ පළමු අදියර පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය මෙම වසරට කල් දැමීමට සිදු වුණා.

ඒ අනුව එළඹෙන ජූලි මාසයේ දී තරගාවලිය පැවැත්වීමටයි මේ වන විට සැලසුම් සකස් කර ඇත්තේ.

2020 වසර වෙනුවෙන් තෝරා ගැනුණු ක්‍රීඩකයින් රැසක් තවදුරටත් අදාළ කණ්ඩායම් 8 තුළ රැදී සිටින බැවිනුයි මෙවර ක්‍රීඩක තෝරා ගැනිමේ අවස්ථාවේ දී ක්‍රීඩකයින් 35 දෙනෙකු පමණක් තෝරා ගැනීමට ඉතිරිව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...