ෆෆ් ඩු ප්ලෙසිස් ටෙස්ට් පිටියට සමු දෙයි

Date:

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක ෆෆ් ඩු ප්ලෙසිස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

36 හැවිරිදි ඔහු අද(17) මේ බව නිවේදනය කළේ කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරය කල් දැමීමට තීරණය කිරීමෙන් දින කිහිපයකට පසුවයි.

සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් ෆෆ් ඩු ප්ලෙසිස් සිය සමු ගැනීම ප්‍රකාශයට පත් කළා.

ඔහු 2012 වසරේ දී ටෙස්ට් වරම් දිනා ගත් අතර, ඇඩිලේඩ්හි පැවැති මංගල තරගයේ දී ම සිව්වන ඉනිමේ දී නොදැවුණු ශතකයක් වාර්තා කරමින් දකුණු අප්‍රිකාවට අදළ තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට අවස්ථාව සලසා දුන්නා.

ඩු ප්ලෙසිස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 69ක්.

එහිදී ඔහු ලකුණු 4,163 ක් රැස් කළ අතර, ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව නිමා වූ බොක්සිං දින ටෙස්ට් තරගයේ දී ඔහු ලබා ගත් ලකුණු 199යි.

2016 වසරේ දී දකුණු අප්‍රිකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා බවට පත් වූ ඩු ප්ලෙසිස් තරග 36කදී කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

ඉදිරියේ දී 20යි 20 තරග කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් තමා ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දෙන බවයි ෆෆ් ඩු ප්ලෙසිස් අවධාරණය කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...