තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි

Date:

තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා.

පසුගිය සතියේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අද(16) දිනයේ දී ඉන් සමත් වී ඇති බව සදහන්.

මෙම පරීක්ෂණයෙන් සමත් වීමටනම් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක කාලයකින් දිව යාමට ක්‍රීඩකයින්ට සිදු වනවා.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක මිනිත්තු 8යි තත්ත්පර 23ක කාලයකින් අදාළ දුර ප්‍රමාණය දිව ගොස් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා.

භානුක රාජපක්ෂ ඒ සදහා ගත කර ඇති කාලය මිනිත්තු 8යි තත්ත්පර 27ක්.

මේ අතර, පසුගියදා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට තම විවාහ උත්සවය නිසා එක් නොවූ කුසල් මෙන්ඩිස් ද අද දිනයේ දී මෙම පරීක්ෂණයට මුහුණ දුන්නා.

ඒ අනුව ඔහු මිනිත්තු 8යි තත්ත්පර 18ක කාලයකින් අදාළ දුර ප්‍රමාණය දිව යමින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී තිබෙනවා.

පසුගිය සතියේ පැවැති යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ කුසල් ජනිත් පෙරේරා ද ඉදිරි දිනකදී යළිත් මෙම පරීක්ෂණය සදහා මුහුණ දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ආබාධයක් හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පසුගියදා පැවැති යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී නොවූ අතර, ඔහු ද කුසල් ජනිත් සමගින් ඉදිරි දිනකදී ඒ සදහා මුහුණ දෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...