“හැමදේටම වැදගත් වෙන්නේ මනස” : මුරලි ක්‍රිකට් ක්‍රීඩකයින් හමුවේ කළ කතාව මෙන්න

Date:

දක්ෂ ක්‍රීඩකයින්ගේ කිසිදු අඩුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ නොමැති බව හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක සහ ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජික මුත්තයියා මුරලිදරන් මහතා පවසනවා.

වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආකල්ප අභිප්‍රේරණය කිරීම සඳහා පැවැති වැඩසටහනකට එක්වෙමින් ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුරලිදරන් මහතා මේ බව සදහන් කළා.

තමන් ක්‍රීඩා කළ කාලයේ පැවැති ක්‍රිකට් ක්‍රීඩාවට වඩා වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වී ඇති නමුත්, ක්‍රිකට් ක්‍රීඩාවේ ආකල්පමය වශයෙන් කිසිදු වෙනසක් වී නොමැති බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

“ඇත්තටම ගත්තොත් අපි ගහපු ක්‍රිකට් එක, දැන් තියෙන ක්‍රිකට් එකට වඩා වෙනස්. හිතන විදිය වෙනස්, කල්පනා කරන විදිය වෙනස්. ඒ වුණාට ආකල්ප එකයි. ඒවා කිසිම වෙනසක් වෙලා නෑ” යනුවෙන් මුත්තයියා මුරලිදරන් සදහන් කළා.

“මම හිතන්නේ දක්ෂතාවල කිසිම අවුලක් වෙලා නෑ. හොඳට බැට් කරන්න පුලුවන් කට්ටිය ඉන්නවා. හොඳට දඟ පන්දු යවන්න පුලුවන් අය ඉන්නවා. කවදාවත් නැති විදියට තුන් ඉරියව් ක්‍රීඩකයින් ඉන්නවා. දැන් ඔයාලට විකල්ප ගණනාවක් තියෙනවා”

“මෙතැනදී අවශ්‍ය වන්නේ ඔයාලා දක්ෂතා අතරට පැමිණීමයි. පිතිකරුවෙක් එයාගේ කැරියර් එක ඉවර වෙන කොට ශතක 30 ක් හෝ 40 ක් ගහලා තියෙන්න ඕන. අන්න එහෙමයි අපි ප්ලෑන් කළේ. එහෙම නැතුව නිකං නමට ගහලා වැඩක් නෑ. ඔයාලා එකලොස් දෙනා එහෙම ඉඳලා කරනකොට අඩුම ගාණේ 60% ක් විතර තරග දිනන්න පුලුවන් වෙනවා. මම කියන්නේ නෑ 100% ක් දිනන්න කියලා. එංහෙම කරන්නත් බෑ. මොකද අනිත් අයත් පුහුණුවීම් කරනවා. වගේම දක්ෂයි. නමුත් ඔයාලා උපරිම බලන්න ඕන එතනට ගියාම දක්ෂතා දක්වන්න අවස්ථාව ගන්න. ඔයාලා ඒ අවස්ථාව ගන්නේ නෑ”

“මේ හැමදේටම වැදගත් වෙන්නේ මනස. මනස හරියට තියාගන්න බැරි නම් අපි කොච්චර දක්ෂ පුහුණුකරුවන් ගෙනාවත් වැඩක් නෑ. පුහුණුකරුවෝ නොවෙයි ක්‍රිකට් ගහන්නේ. ඔයාලයි. ඔයාලා තමයි 90% ක්ම පිළිතුරු දෙන්න ඕන. නැතුව එළියේ ඉන්න කට්ටියට, ක්‍රිකට් බෝඩ් එක මාරු කරා කියලා ඕකට පිළිතුරු දෙන්න බෑ. අපි කොච්චර කමිටු දැම්මත් අපිට ඇවිල්ලා මෙතන ක්‍රීඩා කරන්න බෑ. ඔයාලා තමයි ආකල්පමය වෙනසක් සමඟ ක්‍රීඩා කරන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ අලුත් ක්‍රීඩකයින් ටිකක් කණ්ඩායමට ගෙනල්ලා ක්‍රීඩා කරවන එක. එතකොට ඒ ටික හරි අලුතින් හැදෙයිනේ. ඒක නිසා මම කියන්නේ මොන දේ වුණත් ඔයාලා හෙල්ලෙන්නේ නැතුව තමන්ගේ යුතුකම හරියට කරන්න. එහෙම වුණොත් අපිට යළිත් පරණ තත්ත්වයටම ආයිත් එන්න පුලුවන්” යනුවෙන් මුත්තයියා මුරලිදරන් මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා. (දර්ශන පහතින්)

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් නම් කෙරුණු මූලික සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් 36 දෙනාගෙන් ළහිරු තිරිමාන්න හැරුණු විට සෙසු සියළුම ක්‍රීඩකයින් මෙම අවස්ථාවට එක් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සහ ක්‍රිකට් ආයතන ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

(මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...