කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ නම වෙනස් කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් අටෙන් එක් කණ්ඩායමක් වන කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සිය නම සංශෝදනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන තරග වාරයේ සිට පන්ජාබ් කණ්ඩායම “පන්ජාබ් කිංග්ස්” යන නමින් හැදින්වීමටයි තීරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කණ්ඩායම් හිමිකාරීත්වය විසින් ඉන්දීය ක්‍රිකට් ආයතනයට ද දැනුම් දී ඇති බව සදහන්.

ඒ අනුව ඒ සදහා අනුමැතිය ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

කණ්ඩායමේ නාමය සංශෝදනය කිරීමට ගෙන ඇති තීරණයට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

පන්ජාබ් කණ්ඩායමේ සම හිමිකාරිණියක් ලෙස සුපිරි බොලිවුඩ් නිලි ප්‍රීටි සින්ටා කටයුතු කරනවා.

කණ්ඩායමේ නායකයා ලෙස මේ වන විට කටයුතු කරන්නේ කේ.එල් රාහුල්.

මෙවර තරග වාරයට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙණ 18 වනදා සිදු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...