අශ්වින්ගේ වාර්තාගත ඉනිම හමුවේ තරගයේ සම්පූර්ණ පාලනය ඉන්දියාවට – Day 3 Report

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායිහි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(15) නිමා වුණේ රවිචන්ද්‍රන් අශ්වින්ගේ සුපිරි දක්ෂතා හමුවේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඉන්දීය කණ්ඩායම වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිමේ දී ලකුණු 482ක වාර්තාගත ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 53ක්.

රොරී බර්න්ස් ලකුණු 25කටත්, ඩොම් සිබ්ලි ලකුණු 3කටත්, ජැක් ලීච් ලකුණු නොලබාත් දැවී ගියා.

ඩෑන් ලෝරන්ස් නොදැවී ලකුණු 19ක් සහ ජෝ රූට් නොදැවී ලකුණු 2ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් කඩුලු 2ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව එංගලන්තය තරගය ජය ගැනීම සදහා කඩුලු 7ක් අතැතිව තවත් ලකුණු 429ක් ලබා ගත යුතුයි.

දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 286ක්.

ඉන්දීය ඉනිම ශක්තිමත් කළ රවිචන්ද්‍රන් අශ්වින් සිය 5 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 106ක් ලබා ගත් අතර, ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 14ක් ඇතුළත්.

ඔහු මෙම තරගයේ පළමු ඉනිමේ දී පන්දු යැවීමෙන් කඩුලු 5ක් දවා ගත් අතර, ඒ අනුව අශ්වින් මේ වන විට සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දී තරගයකදී කඩුලු 5ක් දවා ගනිමින් ශතකයක් ද වාර්තා කළ අවස්ථා 3ක් සනිටුහන් කර තිබෙනවා.

එවැනි දක්ෂතාවයක් වැඩිම වාර ගණනකදී, එනම් අවස්ථා 5කදී දක්වා ඇත්තේ එංගලන්ත හිටපු ක්‍රීඩක ඉයන් බෝතම් විසින්.

ඒ අනුව අශ්වින් මේ වන විට එම ලේඛනයේ දෙවන ස්ථානයේ පසුවනවා.

ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් නායක විරාට් කෝලි ලකුණු 62ක් රැස් කළ අතර, ඔහු සහ අශ්වින් අතර 7 වැනි කඩුල්ල සදහා ලකුණු 96ක සබදතාවයක් ගොඩ නැගුණා.

එම සබදතාවය ඉන්දීය ඉනිමට බෙහෙවින් වැදගත් වූයේ ඔවුන්ගේ පළමු කඩුලු 6 ලකුණු 106ක්ව තිබියදී දැවී යාම හේතුවෙන්.

පන්දු යැවීමේ දී ජැක් ලීච් සහ මොයීන් අලී කඩුලු 4 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 329ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තයට ලබා ගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...