මුරලි ඇතුළු 12 දෙනෙකුගෙන් පෙත්සමක් – ක්‍රිකට් ආයතනයටත් නොතීසි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට එළඹෙන මාර්තු 15 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ගොණු කර ඇති පෙත්සමක් අද සලකා බැලීමෙන් පසුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කරන ලෙසට ඉල්ලමින් මෙම පෙත්සම ගොණු කෙරුණා.

එම ආයතනයේ ව්‍යවස්ථාව සංශෝදනය කිරීම සහ ක්‍රිකට් නිලවරණය සඳහා ජන්දය භාවිතා කරන ක්‍රමවේදය සංශෝදනය කරන ලෙසටයි මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කර තිබෙනවා.

මුරලිදරන්ට අමතරව සිදත් වෙත්තමුණි, ආනා පුංචිහේවා, මයිකල් තිසේරා, කුෂිල් ගුණසේකර යන මහත්වරුන් ද මෙම පෙත්සම ගොණු කළ 12 දෙනා අතරට අයත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...