දික්වැල්ලගේ වාර්තාවක් බෙන් ෆෝක්ස් සම කරයි

Date:

එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් අද වාර්තාවක් සම කිරීමට සමත් වුණා.

ඒ ඉන්දියාවේ පැවැති ටෙස්ට් තරගයක දී වැඩිම වාර ගණනක් ස්ටම්ප් කිරීම් සිදු කරමින් පිතිකරුවන් දවා ගත් විදෙස් කඩුලු රකින්නා ලෙසයි.

මෙම සටහන තබන විට ඔහු ඉන්දීය දෙවන ඉනිමේ දී ස්ටම්ප් කිරීම් 2ක් සිදු කර තිබුණා.

රෝහිට් ෂර්මා සහ රිෂාබ් පාන්ට් එලෙස ඔහු විසින් දෙවන ඉනිමේ දී දවා ගත් අතර, පළමු ඉනිමේ දී අක්සාර් පටෙල්ගේ කඩුල්ලද බෙන් ෆෝක්ස් විසින් ස්ටම්ප් කිරීමකින් දවා ගත්තා.

මීට පෙර ඉන්දියාවේ පැවැති ටෙස්ට් තරගයකදී ස්ටම්ප් කිරීම් තුළින් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගැනීමට සමත් වූ විදෙස් කඩුලු රකින්නා වූයේ ශ්‍රී ලංකාවේ නිරෝෂන් දික්වැල්ලයි.

දික්වැල්ල විසින් 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී දිල්ලිහි පැවැති ටෙස්ට් තරගයේ දී ද ස්ටම්ප් කිරීම් 3ක් සාර්ථකව සිදු කර තිබුණා.

මේ අතර, බෙන් ෆෝක්ස් සහ ඔලී පෝප් විසින් ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද දිනයේ පළමු පන්දුවාරයේ දී ම චෙටස්වර් පුජාරා දුවද්දී දවා ගැනීමට සමත් වුණා.

එය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේ පුජාරා අතින් සිය පිත්ත ගිලිහී යාම නිසා මෙම දැවී යාම සිදුවීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...