මුරලි ඇතුළු විශිෂ්ඨයින් 5 ක් මෙවර Road Safty තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේදී අතරමග නවතා දැමූ “Road Safty World Series T20” තරගාවලිය එලඹෙන මාර්තූ මාසයේදී යළි පැවැත්වීමට මේ වන විට දින නියම වී ඇති බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

කෙසේ වෙතත්, මෙම තරගාවලිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ඉතා අසතුටුදායක පුවතක් වාර්තා කිරීමට අපට සිදුවනවා.

එනම් පසුගිය වසරේදී Sri Lanka Legends කණ්ඩායම නියොජනය කළ හිටපු සුපිරි ක්‍රිකට් තරු කිහිපයක්ම මෙවර තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව වාර්තා වන ආකාරයට පසුගිය තරගාවලියට ක්‍රීඩා කළ මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කලුවිතාරණ, චමින්ද වාස්, උපුල් චන්දන හා මාවන් අතපත්තු යන හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර තරගාවලියේදී දැකගැනීමේ වාසනාව ප්‍රේක්ෂකයින්ට අහිමිව යනු ඇති.

ඔවුන් පෞද්ගලික හේතූන් පදනම් කර ගනිමින් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවටයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...