රෝහිට්ගේ ශතකය හමුවේ ඉන්දියාව ස්ථාවර වෙයි – Day 1 Report

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(13) චෙන්නායි හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් දිනය අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 300ක් ලබා ගනිමින්.

ෂුබ්මන් ගිල් සහ විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා.

කෙසේ වෙතත්, සුපිරි ශතකයක් වාර්තා කරමින් ඉනිම ශක්තිමත් කළ රෝහිට් ෂර්මා ලකුණු 161ක් රැස් කළා.

අජින්කෙයා රහානේ ලකුණු 76ක් සහ චෙටස්වර් පුජාරා ලකුණු 21ක් රැස් කළ අතර, රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 33යි.

පන්දු යැවීමේ දී ජැක් ලීච් සහ මොයීන් අලී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...