කෝලිව සම්පූර්ණයෙන් අසරණ කරමින් 0 ට දවාගත් අලීගේ පන්දුව

Date:

ලෝක ටෙස්ට් ශූශූරතාවලිය යටතේ ආරම්භ වූ එංගලන්ත කණ්ඩායමේ ඉන්දිය ටෙස්ට් තරග සංචාරයේ දෙවන තරගය අද (13) චෙන්නායි ක්‍රීඩාපිටියෙදී ආරම්භ වුණා.

ටෙස්ට් ශූරතාවලිය තුළ තවදුරටත් රැඳී සිටීමට නම් ඉන්දිය කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය ඉතාමත් වැදගත් වනු ඇති.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ඉන්දිය නායක විරාට් කෝලි ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ආරම්භක කඩුල්ලේ සබදතාව ලකුණු බිංදුවකට සීමා කරමින් ඔලී ස්ටෝන් යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ෂුබ්මන් ගිල් ලකුණු  නොලබා දැවී ගියා.

චෙටස්වර් පුජාරා හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 28 (58) ක් පමණයි.

සියල්ලන්ගේ බලාපොරොත්තුව බවට පත්ව සිටි නායක විරාට් කෝලි ලකුණු 0 කට දවා ගනිමින් යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට මෝයීන් අලී සමත් වුණා.

මෝයීන් අලී යොමු කළ දග කැවුණු පන්දුව විරාට් කෝලිගේ කඩුල්ලේ බේල්ස් ඉවත් කිරීමට සමත්වුණේ ඔහුව මුළුමනින්ම අසරණ කරමින්.

දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...