යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ක්‍රීඩකයින් මෙන්න

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා අද(12) දිනයේ දී සිදු කළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පිළිබද තොරතුරු අප මීට පෙර වාර්තා කළා.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට නම් කෙරුණු මූලික සංචිතයේ ක්‍රීඩකයින් 36 දෙනා අතරින් 32 දෙනෙකු මෙම යෝග්‍යතා පරීක්ෂණය සදහා ඉදිරිපත්ව සිටි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අතරින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පරීක්ෂණයෙන් අසමත් වී ඇති බව ද අප වාර්තා කළා.

ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමටනම් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක කාලයකින් දිව යාමට ක්‍රීඩකයින්ට සිදු වුණා.

ක්‍රීඩා මාධ්‍යවේදී Rex Clementine වාර්තා කර ඇති ආකාරයට අදාළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇත්තේ කුසල් ජනිත්, දිල්රුවන් පෙරේරා, භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින්.

කුසල් මෙන්ඩිස් පෞද්ගලික හේතුවක් නිසා යෝග්‍යතා පරීක්ෂණයට අද එක් නොවූ අතර, ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු ආබාධ තත්ත්වයන් නිසා මෙම පරීක්ෂණයට එක්වූයේ නැහැ.

ළහිරු තිරිමාන්න අද පැවැති යෝග්‍යතා පරීක්ෂණයට එක් නොවූයේ කොරෝනා වෛරසය ආසාදනය වී සිටීම හේතුවෙන්.

මෙම පරීක්ෂණයෙන් අසමත් වන ක්‍රීඩකයින්ට දින 40ක කාලයක් ඇතුළත දී තවත් ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයක් සදහා මුහුණ දිය හැකියි.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ දර්ශන නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...