කිලෝ මීටර් දෙකේ යෝග්‍යතා පරීක්ෂණයට ක්‍රීඩකයින් 4ක් නැහැ – 4ක් අසමත්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා අද දිනයේ දී ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයක් සිදු කෙරුණා.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී මෙම පරීක්ෂණය පැවැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමටනම් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක කාලයකින් දිව යාමට ක්‍රීඩකයින්ට සිදු වුණා.

අද පැවැති යෝග්‍යතා පරීක්ෂණයට එළඹෙන බටහිර ඉන්දී්‍ය කොදෙව් තරග සංචාරයට නම් කර සිටි මූලික සංචිතයට අයත් ක්‍රීඩකයින් 36 දෙනාගෙන් 32 දෙනෙකු එක්ව සිටියා.

කුසල් මෙන්ඩිස් පෞද්ගලික හේතුවක් නිසා (විවාහ උත්සවය) යෝග්‍යතා පරීක්ෂණයට අද එක් නොවූ බව සදහන්.

ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු ආබාධ තත්ත්වයන් නිසා මෙම අවස්ථාවට එක්ව නොමැති අතර, ළහිරු තිරිමාන්න කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අද පැවැති යෝග්‍යතා පරීක්ෂණයට එක් වූයේ නැහැ.

යම් ක්‍රීඩකයෙකු මෙම පරීක්ෂණයෙන් අසමත් වුවහොත් ඔහුට දින 40ක කාලයක් ඇතුළත දී තවත් ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයක් සදහා මුහුණ දිය හැකියි.

වාර්තා වන ආකාරයට ක්‍රීඩකයින් සිව්දෙනෙකු අද පැවැති යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී තිබෙනවා.

SLC
SLC
SLC
SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...