ඉසුරුට ලක්ෂ 50 ක ලංසුවක් – අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනාට හිමි මූලික ලංසු මුදල් මෙන්න

Date:

ලොව පුරා වැඩි ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගෙන ඇති ප්‍රමුඛ පෙළේ ලීග් ක්‍රිකට් සැණකෙලියක් ලෙස සැළකෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වසරේදීත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සැලසුම් කෙරෙමින් පවතිනවා.

ක්‍රීඩක වෙන්දේසියක් හරහා තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීම සුපුරුදු පරිදි මෙවරද සිදුකිරීමට නියමිතයි.

ලබන 18 වනදා සිදු කෙරෙන මෙවර ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1114 දෙනෙකු සිය නම් ඉදිරිපත් කර තිබුණ ද ඒ අතුරින් වෙන්දේසිය සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන් 292 දෙනෙකු පමණක් තෝරා ගත් බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

මෙම ක්‍රීඩකයන් 292 අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 දෙනෙකු ඇතුළත්.

ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 31 දෙනෙකු මීට පෙර සිය නම් ඉදිරිපත් කර තිබුණා.

අදාළ ක්‍රීඩකයන් 9 දෙනාගේ ලැයිස්තුව සදහා තමවමත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය නොකළ නවක ක්‍රීඩකයන් තිදෙනෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

පසුගියවර IPL තරගාවලියේදී බැන්ගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදානට ඉන්දිය රුපියල් ලක්ෂ 50 ක මූලික ලංසුවක් මෙවර හිමිව තිබෙනවා.

එමෙන්ම වණිඳු හසරංග, තිසර පෙරේරා, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් පස්දෙනාට ද හිමිව ඇති මූලික ලංසු මුදල ඉන්දිය රුපියල් ලක්ෂ 50 ක්.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි1.3ක අගයක්.

නවක ක්‍රීඩකයන් තිදෙනෙකු වන විජයකාන්ත් වියස්කාන්ත්, කෙවින් කෝත්තිගොඩ හා මහේෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින්ට හිමිව ඇත්තේ ඉන්දිය රුපියල් ලක්ෂ 20 ක මූලික ලංසුවක්.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 53 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...