ෂුබ්මන් සහ රහානේ දවා ගැනීමට ඇන්ඩර්සන් යොමු කළ සුපිරි පන්දු දෙක මෙන්න

Date:

ජේම්ස් ඇන්ඩර්සන් යනු එංගලන්තයෙන් බිහි වූ ලෝක ටෙස්ට් ඉතිහාසයේ සුපිරි වේග පන්දු යවන්නෙකු බව නොරහසක්.

වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරුවල පමණක් නොව දග පන්දු යවන්නන්ට හිතකර ආසියානු තණතීරුවලදී පවා ඔහු මේ වන විට දක්ෂතා දැක්වීම එය මොනවට පැහැදිලි කරනවා.

නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ද සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ජේම්ස් ඇන්ඩර්සන් මේ වන විට චෙන්නායිහි පැවැත්වෙන ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ද ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වීමට සමත්ව තිබෙනවා.

පළමු ඉනිමේ දී කඩුලු 2ක් දවා ගත් ඇන්ඩර්සන් දෙවන ඉනිමේ දී සුවිශේෂී පන්දු යැවීමක නිරත වෙමින් ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල කඩුලු කිහිපයක්ම දවා ගැනීමට සමත් වුණා.

ඒ අතර ෂුබ්මන් ගිල් සහ අජින්කෙයා රහානේ දවා ගැනීම සදහා ඔහු යොමු කළ පන්දු දෙක සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

පිතිකරුවා තුළට දෝලනය කරමින් (reverse swing) ඇන්ඩර්සන් යොමු කළ අදාළ පන්දු ද්විත්වයේ දී ම ෂුබ්මන් ගිල්ගේ සහ අජින්කෙයා රහානේගේ පිත්ත සහ පාදය අතරින් පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීම සිදු වුණා.

ඒ අනුව ගිල් ලකුණු 50කට දැවී ගිය අතර, රහානේට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ඔවුන් දෙදෙනාම ජේම්ස් ඇන්ඩර්සන් විසින් දවා ගනු ලැබුවේ එක් පන්දුවාරයක පන්දු 4ක් තුළ දී වීම කැපී පෙණුනා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...