“අද හෙට ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න බැහැ – අවුරුදු 5ක්වත් යනව” – ඇමති නාමල්

Date:

ක්‍රිකට් ක්‍රීඩාව සහ පරිපාලනය යනු අංශ දෙකක් බව පටලවා නොගත යුතු යැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා මහතාග් සභාපතිත්වයෙන් යුත් සිව් පුද්ගල තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කිරීමට තමා කටයුතු කළේ මෙරට ක්‍රිකට් ක්‍රීඩා අංශය දියුණු කිරීමේ අරමුණින් බවයි අමාත්‍යවරයා අද(9) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සදහන් කළේ.

ජාත්‍යන්තරට ගැළපෙල දක්ෂ ක්‍රීඩකයෙකු බිහි කිරීම සදහා වසර 5කට වැඩි කාලයක් ගත වන බැවින් ඉතා මෑතකදී සාර්ථක ප්‍රතිපල අපේක්ෂා කළ නොහැකි බව ද හෙතෙම කියා සිටියා.

“අද හෙට ප්‍රතිපල ලැබෙනවා කියන කාරණයනම් මම විශ්වාස කරන්නේ නැහැ. ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු හදන්න අවම වශයෙන් අවුරුදු 5ක් 6ක් යනවා.” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළා.

“ඉතිං අද අපි 13න් පහළ මට්ටමෙන් පටන් ගත්තොත් තමයි 19න් පහළ ජාතික කණ්ඩායමට අවුරුදු 5කින් ක්‍රීඩකයෙකු නිර්මාණය කරගන්න පුලුවන්. අද 15න් පහළ 17න් පහළ ක්‍රීඩකයෙකු හැදුවොත් තමයි අපිට 2023, 2027 ලෝක කුසලානවලට තරුණ ක්‍රීඩකයින් පිරිසක් හදා ගන්න පුලුවන්. ඉතිං ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙල මේ කමිටුව විසින් ක්‍රියාත්මක කරනවා.”

පැරණි ක්‍රීඩා පනත වෙනුවට වත්මන් කාලයට ගැළපෙන නව ක්‍රීඩා පනතක් අවශ්‍ය බවත්, එය සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සදහන් කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...