ඉන්දියාවට ලකුණු 227ක දැවැන්ත පරාජයක් – Match Report

Date:

ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 227ක දැවැන්ත ජයග්‍රහනයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(9) සමත් වුණා.

චෙන්නායිහි පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගැනීම සදහා සිය දෙවන ඉනිමේ දී ලකුණු 420ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 192ක් පමණයි.

සියලු පිතිකරුවන් එකිනෙකා දැවී යද්දී හුදෙකලා සටනක් දියත් කළ නායක විරාට් කෝලි ලකුණු 72ක් ලබා ගත්තා.

තණතීරුවේ වැදී තරමක් පහතින් ආ පන්දුවක් (බෙන් ස්ටොක්ස් යොමු කළ) කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියා.

ෂුබ්මන් ගිල් ලකුණු 50ක් රැස් කළ අතර, චෙටස්වර් පුජාරා ලකුණු 15යි.

ALSO READ : ෂුබ්මන් සහ රහානේ දවා ගැනීමට ඇන්ඩර්සන් යොමු කළ සුපිරි පන්දු දෙක මෙන්න

පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 4ක් සහ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නායක ජෝ රූට්ගේ ද්විත්ව ශතකයෙක් සවිමත් වෙමින් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 578ක්.

පිළිතුරු ලෙස ඉන්දියාව ලකුණු 337ක් රැස් කළ අතර, එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 178කට සීමා වුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන 13 වනදා චෙන්නායිහී දී ම ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...