ඉන්දියාව ලකුණු 321ක් පිටුපසින් – Day 3 Report

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායිහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(7) නිමා වුණේ තරගයේ පාලනය තවදුරටත් එංගලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 257ක්.

එංගලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ රිෂාබ් පාන්ට් පන්දු 88කින් ලකුණු 91ක් ලබා සිටියදී ඩොම් බෙස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

චෙටස්වර් පුජාරා ලකුණු 73ක් රැස් කළ අතර, ෂුබ්මන් ගිල් ලකුණු 29යි.

නායක විරාට් කෝලි ලකුණු 11කටත්, රෝහිට් ෂර්මා ලකුණු 6කටත් දැවී ගිය අතර, අජින්කෙයා රහානේ රැස් කළේ එක් ලකුණක් පමණයි.

රහානේගේ කඩුල්ල දවා ගැනීම සදහා ජෝ රූට් විසින් එක් අතක් පමණක් උපයෝගී කර ගනිමින් සුපිරි උඩ පන්දු රැක ගැනීමක් සිදු කළ අතර, එය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින වොෂින්ටන් සුන්දර් ලකුණු 33ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 8ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ඩොම් බෙස් කඩුලු 4ක් දවා ගත් අතර, ජොෆ්ර ආචර් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය අද පෙරවරුවේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 578ක්.

ඊට ජෝ රූට් රැස් කළ විශිෂ්ඨ ද්විත්ව ශතකය ඇතුළත්.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 321ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...