ශ්‍රී ලංකාවේ වාර්තාව බිද දමමින් කොදෙව්වන් ලකුණු 395ක් සාර්ථකව හඹා යයි

Date:

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වන ඉනිමේ දී තරගයක් හඹා ගොස් ජය ගත් පස්වන ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(7) සමත් වුණා.

Chattogram හි පැවැති තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ට ලකුණු 395ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර, එය ඔවුන් සපුරා ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදී යි.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ Kyle Mayers නොදැවී ලකුණු 210ක් රැස් කළා.

ඊට හයේ පහර 7ක් සහ හතරේ පහර 20ක් ඇතුළත්.

Nkrumah Bonner ලකුණු 86යි.

පන්දු යැවීමේ දී මෙහිදි හසාන් කඩුලු 4ක් දවා ගත් අතර, ටයිජුල් ඉස්ලාම් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 430ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලකුණූ 259ක් ලබා ගත්තා.

අනතුරුව බංග්ලාදේශය සිය දෙවන ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 8ක් දැවී ලකුණු 223ක් ලබා සිටියදීයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙම තරගාවලිය සදහා ප්‍රබල කොදෙව් ක්‍රීඩකයින් රැසක් එක්ව නොසිටීම ද විශේෂත්වයක්.

ආසියාවේ පැවැති ටෙස්ට් තරගයකදී කණ්ඩායමක් සිව්වන ඉනිමේ දී හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද මෙය ඉතිහාසයට එක් වුණා.

මීට පෙර ශ්‍රී ලංකාව විසින් එම වාර්තාවට හිමිකම් කීවේ සිම්බාව්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 388ක් හඹා ගොස් 2017 වසරේ දී තරගයක් ජය ගනිමින්.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...