තීක්ෂණගේ සහ ධනංජයගේ දක්ෂතා හමුවේ T 10 ශූරතාවය වොරියර්ස් කණ්ඩායමට

Date:

මහේෂ් තීක්ෂණගේ සහ ධනංජය ලක්ෂාන්ගේ සුපිරි පන්දු යැවීම් හමුවේ මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නොදර්න් වොරියර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ රාත්‍රියේ පැවැති අවසන් තරගයේ දී දිල්ලි බුල්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ වොරියර්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 81ක් පමණයි.

මොහොමඩ් නබී ලකුණු 21යි.

පන්දු යැවීමේ දී මහේෂ් තීක්ෂණ පන්දුවාර දෙක තුළ දී කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 14ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ධනංජය ලක්ෂාන් ලකුණු 14කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වොරියර්ස් කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 8.2ක් අවසානයේ කඩුලු 2ක් දැවී සිටියදීයි.

වසීම් මුහම්මද් ලකුණු 27ක් සහ රොව්මන් පවෙල් නොදැවී ලකුණු 16ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ මහේෂ් තීක්ෂණ.

තරගාවලියේ වීරයා ලෙස නිකලස් පූරාන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙවර තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණේ කුමාර් සංගක්කාර උපදේශකත්වය දැරූ අබුඩාබි කණ්ඩායමයි.

මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් දැක් වූ දක්ෂතා පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...